Rice-1
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ.[1]
මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල
වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලිනි. මෙම
වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද
විය.[2] වී වල ප්‍රභේද හැඳින්වීම සඳහා අතීත මුතුන් මිත්තන් විසින් පාරම්පරික,ස්වදේශීය,පාරම්පරික වස්තුව යන නාමයන් භාවිතා කොට ඇත.
කාලයක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාව
ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. ශ්‍රී
ලංකාවේ වී ගොවිතැන පුජ්‍යත්වයෙන් සලකනු ලබන අතර, මෙම ක්‍රියාවලියේ
සත්‍යභාවය ඔප්පු කරන්නේ නිශ්පාදන ක්‍රමෝපායන් සහ නිශ්පාදන ක්‍රියාවලිය
ආශ්‍රිත ශුද්ධවන්තකමයි.[3]
නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය
බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන
ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය.
කෙසේ වුවත් ජනගහණය වර්ධනය වීමත් සමඟ, 1930 වර්ෂයේදී H ශ්‍රේණියේ වී වර්ග
සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත. මෙහි
ප්‍රතිඵලයක් වශයෙන් 1950 වර්ෂයේදී වී අස්වැන්නේ සාමාන්‍ය මෙට්‍රික්
ටොන්/හෙක්ටයාර 0.65 සිට මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 1.73 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල්
ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid),
අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන
ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය .[4]
1980 වසරේ පටන්, 90% ක ප්‍රමාණයක වගා බිම් වල semi-dwarf යන නමින්
කියනු ලැබූ අලුතින් වැඩිදියුණු කරන ලද වී වර්ගයක් වගා කරනු ලැබුහ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන්
ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක
ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය.
නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ
ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත
යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ගායුෂ පිළිබඳ සැලකිල්ලට
ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.[5][6]
අනාගතය
බෞද්ධ,
හින්දු හා මුස්ලිම් ජනවර්ගයන් අතර සහල් වලට පුජනීය ස්ථානයක් හිමිවෙි.
එමෙන්ම පොල්කිරිත් සමඟ පිසූ සහල් (කිරි බත් ) ප්‍රථමයෙන්ම භාග්‍යවතුන්
වහන්සේට බුද්ධ පූජාව ලෙස වෙන් කරන අතර අදටත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අයත්
පුජනිය උත්සව සහ වැදගත් අවස්ථාවන් වලදී කිරිබත් සඳහා හිමි වනුයේ විශේෂ
ස්ථානයකි.
එසේම එළඟිතෙල් හෝ පිරිසිදු ගිතෙල් සමඟ පිසින ලද සහල් මොහොමඩ් නබි තුමාගේ
ප්‍රියතම ආහාරය බව කියැවේ.
වර්තමානයේ සම්ප්‍රදායික සහල් අපනයනය කිරීමද සිදු වේ. එ් අනුව
පුරොගාමින් උත්සාහ කරනු ලබන්නේ සමහර තේ නාමයන් සඳහා පවතින අන්තර්ජාතික
පිළිගැනීම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික සහල් සඳහාද ලබා ගැනිමටයි.[36]
No comments:
Post a Comment