Rice
Friday, February 28, 2020
Rice-2
පටුන
- 1 සුවඳැල්
- 2 කළු හීනටි
- 3 මා වී
- 4 පච්චපෙරුමල්
- 5 කුරුළු තුඩ
- 6 රත්දැල්
- 7 මඩතවාලු
- 8 හැටදා වී
- 9 ක්‍රියාකාරිත්වය පිලිබඳ වූ ගුණ
- 10 අනාගතය
- 11 ආශ්‍රිත ලිපි
- 12 මූලාශ්‍ර
සුවඳැල්
මෙහි පරිවර්තක නාමයෙන් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණීත සුදු වී වර්ගයකි.[7] මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා බෙහෙවින් උපකාරී වේ.
මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය. සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ.[8]
සුවඳැල් යනු පාරම්පරික වස්තුන්ගෙන් එකක් වන අතර මෙය ලංකාවේ දක්ෂිණ පහත බිම් ආශ්‍රිතව වගා කරනු ලබයි. මේ හේතුවෙන් මෙම වී වගාවන් සඳහා විශාල කාලයක් ගත වේ. අනෙකුත් වී වගාවන් මෙන් නොව අස්වැන්න නෙලීම සඳහා මාස 5-6 ක කාලයක් ගතවේ.
කළු හීනටි
ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත තවද රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ.[9]
මා වී
රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් කාබොහයිඩේ‍්‍රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකි. අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු Glycemic Index (GI) වලින් යුක්තය.මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ‍්‍රට් 84.5% ක් ද, ප්‍රෝටීන් 9.4% ක් ද, මේදය 3,6% ක් ද, තන්තු 1.1% ක් ද අඩංගුය. පෙර රැජිනියන් මෙම මා වී භාවිතයට වඩාත් ඇළුම් කල අතර, ඉතාමත් සිහින් හැඩති සිරුරක් පවත්වා ගෙන යාමට මෙවා උපකාරී වී අැත. මෙවා තුලින් ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියෙන් පවත්වා ගත හැකි බවට විශ්වාසයක්ද ඔවුන් තුල පැවතීය. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකිය.
මේවා ක්ෂය රෝගීන් සඳහා අනුමත වන අතර විරේකය සඳහා ඉතා පලදායි ප්‍රතිකාරයකි. එමෙන්ම මේවා දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය සඳහාද වැදගත් වේ. මා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා සුදුසුය. සිහින්ව කපා ගත් ලුණුකොල, ලීක්ස් මිශ්‍ර කර පිසූ බත් සමග පිළිගන්වනු ලබන දියලබු ව්‍යංජනය (පොලිකිරි, කුළුබඩු හා ඉතා සුළු ප්‍රමාණයක තෙල් එක්කර පිසිනු ලබන) සම්ප්‍රදායික කැම වර්ගයක් ලෙස හඳුන්වනු ලැබේ.
ආගමික උත්සව කටයුතු සඳහා මා වී යොදා ගනු ලබන අතර ඉන් එහි ඓතිහාසික වැදගත්කම පිළිබිඹු කරනු ලැබේ.දාගැබ් වල කොත තුල අඩංගු පුජනිය ධාතු කරඬුව තුල මා වී ද තැන්පත් කරනු ලබන බව ජනප්‍රවාද වල කියැවේ.[10]
පච්චපෙරුමල්
පච්චපෙරුමල් යන නාමයෙන් කියවෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ වර්ණය යන්නයි. පාරම්පරික සිංහල සංස්කෘතිය දිව්‍යමය සහල් ලෙස සලකන්නේද මේවාය. මෙම සහල් බොහෝ විට දන් දීම සදහා යොදා ගනු ලැබිය. මේවා ගුණාත්මක රතු සහල් වර්ගයක් වන අතර පිසීමේදී ප්‍රංශයේ බර්ගන්ඩ් වයින් වල රතු පැහැය ගනු ලබයි. දිනපතා ආහාරය සඳහා ඉතා යෝග්‍ය වන මෙම සහල් පොෂ්‍යදයිත්වයෙන් සහ ප්‍රෝටීන් වලින් සපිරිය. [11]
දියවැඩියා හා හෘද්වාහිනි රෝගීන්ට පච්චපෙරුමල් පරිපුර්ණ අහාරයකි.
කුරුළු තුඩ
මේවා ප්‍රෝටීන් හා මේදයන්ගෙන් සපිරි මනෝහර හා පොෂ්‍යදායි රතු සහල් විශේෂයකි. ඉතා කදිම රසයකින් හෙබි මෙම සහල් පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ, පුරුෂ කාම ශක්තිය වැඩි කිරීමේ සහ බෙලහිනතාවය මඟහැරවීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ.[12]
රත්දැල්
මෙය සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන ඉතා රසවත් රතු සහලකි. රත්දැල් වලින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මේවා මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්‍රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද මේවාට ඇත. එමෙන්ම මළපහ කටයුත්ත පහසුවෙන් සිදු කර ගැනීමටත් ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ.
එළඟිතෙල් සමග පදම් කල, බඳින ලද හා කුඩු කරන ලද නිවුඩු රත්දැල් සහල් බඞ විරේකය සඳහා ඵලදායි ප්‍රතිකර්මයකි. මුත්‍රශ්‍ර ගල් සහ පිත්තාශ ගල් නිවාරණය කිරීමේ හැකියාවක් මෙම සහල් සතු බව ප්‍රත්‍යක්ෂ වී ඇත. රත්දැල් සහල්, සාරණ (Boerhavia diffusa), සීනි, වියළි මිදි සහ නැවුම් එළකිරි වලින් සාදන ලද තලප ක්ෂය රෝගීන් හා පෙනහළු රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ.[13]
මඩතවාලු
මෙවා තවත් සම්ප්‍රදායික රතු සහල් වර්ගයකි. අායුර්වේද ප්‍රතිකර්මයන් වලදි ප්‍රතිශක්තිකරන පද්ධතිය වඩා ශක්තිමත් කරවීම සඳහා බොහෝ සෙයින් මෙම සහල් යොදා ගනු ලබයි.[14]
හැටදා වී
රතු සහල් වර්ගයක් වන අතර දියවැඩියව පාලනය සඳහා උපකාරී වේ. ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියක් ලබා දේ. මෙමඟින් ජෛව විසංතුලනය නිසා අැතිවන රෝගයන්ට සහනයක් ලබා ගත හැකි බව කියවේ. එමෙන්ම කායික ශක්තිය වැඩි කර ගැනිමටද, හෘද්වාහිනි රෝග, ලේ වමනය යනාදි රෝගයන් සඳහාද බෙහෙවින් උපකාරි වනු අැත. [15]
Rice-1
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ.[1] මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලිනි. මෙම වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරිත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය.[2] වී වල ප්‍රභේද හැඳින්වීම සඳහා අතීත මුතුන් මිත්තන් විසින් පාරම්පරික,ස්වදේශීය,පාරම්පරික වස්තුව යන නාමයන් භාවිතා කොට ඇත.
කාලයක් ආසියාවේ පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාව ස්වදේශීය සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පුජ්‍යත්වයෙන් සලකනු ලබන අතර, මෙම ක්‍රියාවලියේ සත්‍යභාවය ඔප්පු කරන්නේ නිශ්පාදන ක්‍රමෝපායන් සහ නිශ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ශුද්ධවන්තකමයි.[3]
නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය. කෙසේ වුවත් ජනගහණය වර්ධනය වීමත් සමඟ, 1930 වර්ෂයේදී H ශ්‍රේණියේ වී වර්ග සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1950 වර්ෂයේදී වී අස්වැන්නේ සාමාන්‍ය මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 0.65 සිට මෙට්‍රික් ටොන්/හෙක්ටයාර 1.73 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය .[4]
1980 වසරේ පටන්, 90% ක ප්‍රමාණයක වගා බිම් වල semi-dwarf යන නමින් කියනු ලැබූ අලුතින් වැඩිදියුණු කරන ලද වී වර්ගයක් වගා කරනු ලැබුහ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන් ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ගායුෂ පිළිබඳ සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.[5][6]
අනාගතය
බෞද්ධ, හින්දු හා මුස්ලිම් ජනවර්ගයන් අතර සහල් වලට පුජනීය ස්ථානයක් හිමිවෙි. එමෙන්ම පොල්කිරිත් සමඟ පිසූ සහල් (කිරි බත් ) ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාව ලෙස වෙන් කරන අතර අදටත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට අයත් පුජනිය උත්සව සහ වැදගත් අවස්ථාවන් වලදී කිරිබත් සඳහා හිමි වනුයේ විශේෂ ස්ථානයකි. එසේම එළඟිතෙල් හෝ පිරිසිදු ගිතෙල් සමඟ පිසින ලද සහල් මොහොමඩ් නබි තුමාගේ ප්‍රියතම ආහාරය බව කියැවේ.
වර්තමානයේ සම්ප්‍රදායික සහල් අපනයනය කිරීමද සිදු වේ. එ් අනුව පුරොගාමින් උත්සාහ කරනු ලබන්නේ සමහර තේ නාමයන් සඳහා පවතින අන්තර්ජාතික පිළිගැනීම් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික සහල් සඳහාද ලබා ගැනිමටයි.[36]
Subscribe to:
Posts (Atom)